relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Monday, September 12, 2011

y fm සංගීත සංදර්ශනයේදී චිලිට ගුටි බැට ප්‍රහාරයක්


සිරස මාධ්‍ය ජාලයේ වයි එෆ්.එම්. නාලිකාව විසින් පසුගිය 10 වැනිදා විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේ පවත්වන ලද සංගීත සංදර්ශනයේදී ප‍්‍රසිද්ධ ගායක හා නර්තන ශිල්පී චිලී තරුණ පිරිසකගේ ප‍්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වේ.


මෙම සංගීත සංදර්ශනයේදී ගායනයක් ඉදිරිපත් කිරීමට වේදිකාවට පැමිණ ඇති චිලී සිය ගායන අංගය අතරතුරේදී ප‍්‍රසංගය නැරඹීමට පැමිණ සිටි එක් තරුණියක් වේදිකාව මතට රැගෙන ඇති අතර, මේ හේතුවෙන් උරණ වූ තරුණ පිරිස ඔහුට පහර දී ඇති බවට කේෂ්ත‍්‍ර ආරංචිමාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙහිදී ආරක්‍ෂක නිලධාරීන් ගේ මැදිහත්වීමෙන් ගැටුම සමථයකට පත් ව ඇති අතර, චිලි වේදිකාවෙන් පසුබැස යන අයුරු නරඹන්නන්ට දක්නට ලැබිණි.


මෙම පහරදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයෙකුගේ සම්බන්ධයක් ඇති බවද ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.


තිලංක විදූෂ වෙළඳගොඩ පතිරණ නම් ඔහුව බොහෝ දෙනා විසින් හඳුනන්නේ චිලී ලෙසිනි. ගං ඉවුර අසබඩ නම් ගීතය සමඟ ලංකාවේ සංගීත කරළියට පා තැබු චිලී වඩාත් ජනපි‍්‍රය වූයේ ’ටියුලිප් මල් කැකුළී’ යන ගීතයෙනි. සිරස නාලිකාවේ විකාශය වූ ඩාන්සින් ස්ටාර්ස් හා ස්වර්ණවාහිනි හි විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහන් තුළින් සිය රංගන කුසලතාවයන්ද එළිදැක්වීමට ඔහු සමත් විය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More