relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Tuesday, August 30, 2011

බොඳ මීදුම් බොඳ වෙ

ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරිය මව් පදවිය ලැබීමට සිටින බව සැල වීමත් සමග ඇය ප‍්‍රධාන නිළිය ලෙස රඟපාන බොඳ මීදුම් ටෙලි නාට්‍යයට හදිසියේ තිත තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.



සුජීව ප‍්‍රසන්නආරච්චි ගේ බොඳ මීදුම් නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන චරිත වන සංසලා ගේ හා ධනුක ගේ චරිත සඳහා පණපොවනු ලබන්නේ උදාරි හා ජනපි‍්‍රය නළු සාරාංග දිසාසේකර විසිනි.


දෙපා පණ නැති සංසලා බලාගැනීමට ධනුක තීරණය කිරීම සමග මෙම ටෙලිනාට්‍යය අවසන් කිරීමට කලින් තීරණය කර තිබුනද, උදාරි හදිසියේ ගැබ් ගැනීමේ සිද්ධිය හේතුවෙන් සංසලා ට පිස්සු හැදීමෙන් මෙම ටෙලි නාට්‍යය අවසන් කිරීමට මේ වන විට තීරණය කර ඇත.

Thursday, August 4, 2011

Policiya - IRAJ (Official Music Video)




Monday, August 1, 2011

ජැකා හා පූජා රන්මිණිතැන්නේ ගිහින්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබනිකුසපබාවතී’ චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා සහභාගිවීමට ප‍්‍රවීන නළුජැක්සන් ඇන්තනි හා ඉන්දීය නිළි පූජා උමාශංකර් රන්මිණිතැන්නමහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා ගම්මානයට ගොස් සිටින බවවාර්තා වේ.

එම ගම්මානයේ රූගත කිරීමේ සිදුකරනු ලබන පළමු සිංහල චිත‍්‍රපටයමෙය වන අතර අද (01) දින එහි රූගත කිරීම් ආරම්භ කර තිබේ.


මෙම චිත‍්‍රපටය පන්සිය පණස් ජාතක පොතේ කතා පුවතක් ඇසුරෙන්සිනමාවට නැගීමට නියමිතය.
දේශීය ටෙලි නාට්‍ය මෙන්ම විදේශීය චිත‍්‍රපට කිහිපයක රූගත කිරීමේකටයුතු මින් පෙර රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදීසිදුකෙරුණද දේශීය චිත‍්‍රපටයක් එහි රූගත කරනු ලබන පළමු අවස්ථාව මෙය බව පැවසේ.

ජැක්සන් ඇන්තනී කුසගේ චරිතයත්ල ජූජා උමාශංකර් පබාවතීගේ චරිතයත් නිරූපණය කරන අතර සෝමරත්න දිසානායක,උදයකාන්ත වර්ණසූරියරේණුකා බාලසූරියධම්මික සිරිවර්ධනසුනිල් ටීප‍්‍රනාන්දු, එච්. ඕ. පේ‍්‍රමසිරිආරියදාස පීරිස්තිස්සනාගොඩවිතානචන්න දේශප‍්‍රියජනිත මාරසිංහරසික ජිනසේන යන විශාල පිරිසක් මෙහි නිෂ්පාදනයට දායක වී ඇත.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More